කවුරුත් හීනෙන්වත් නොසිතූ දෙයක්, ජනපති අනුරත් සමග එකතුවී සජිත් කරන්න හදයි..ජනතාව සතුටු වෙන දෙයක් වෙයිද..

Anura Kumara Dissanayaka Sajith Premadasa IMF Sri Lanka Latest Headlines AKD
By Sewvandhi Oct 22, 2024 10:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව අසාධාරණ බදු සූත්‍රය වෙනස් කරන විට අයි. එම්.එෆ් එකත් සමඟ සාකච්ඡා කර කට වචනයට පමණක් නොව ප්‍රායෝගිකව වෙනස් කරන්න කටයුතු කළ යුතු බවයි.

මැද කොළඹ සංවිධායක මුජිබර් රහුමාන්ගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදී, ඔහු මේ බව ප්‍රකාශ කළා.දසලක්ෂ සංඛ්‍යාත ජනතාව තමන්ගේ සෘජු සහ වක්‍ර බදු අඩු වන තුරු අපේක්ෂාවෙන් සිටින බව සජිත් ප්‍රේමදාස කියා සිටියා.

එසේම ඔහු කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබා දුන් පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කර අයි එම් එෆ් ගිවිසුමේ ඇති ජනතා විරෝධී විධිවිධාන වෙනස් කර ජනතාවගේ පැත්තෙන් ජනතාවට බරක් පැටවෙන්නේ නැති පොදු ජනතාවට උහුලා ගත හැකි ජන ජීවිතයක් නිර්මාණය කරන අයි එම් එෆ් නව ගිවිසුමකට යන බවයි.

එමෙන්ම පවතින අයි එම් එෆ් ගිවිසුම වෙනස් විය යුතු බවත් එය වෙනස් කළ යුතු බවත් පැහැදිලි සමගි ජන බලවේග පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගෙන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ හොඳ ප්‍රතිපත්තිවලට අත්වැල් බැඳ ගෙන අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන ගමනට හයිය ලබා දෙන බව ඔහු පවසා සිටියා.

ගර්භනී මවගේ සිට ළදරු පරපුර, දරු පරපුර, වැඩිහිටි තරුණ ජන සමාජයේ සියලු දෙනාට ලොකුම ලොකු හානියක් කරන බදු සූත්‍රයක් රටේ ඇති බවත් එයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බවත් ඔවුන්ට ජනතාවගේ පැත්තෙන් සිතා ජනතාවගේ කරපිට අසීමිත බරක් පටවන්නේ නැති ජනතාවාදී වැඩපිළිවෙළකට යා හැකි වුවත් සීමාවෙන් එහා ගොස් බදු පිට බදු පැටවූ බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.