පසුගිය රජයේ ගැසට්ටුවක් ගැන අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!

Sri Lanka Government Gazette New Gazette Latest Headlines
By Sewvandhi Nov 12, 2024 11:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, ඉස්සන් ගොවිපොළක් නිර්මාණය කිරීමට විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් බිම් කොටසක් මුදාහැරීමට ඉකුත් රජයේ වනජීවී අමාත්‍යංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කර තිබේ.

වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් අක්කර 168 ක් මුදා හැරීම සඳහා අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබී ඇත.

මෙම පෙත්සම අද (12) ,එස්. තුරෙයිරාජා, ඒ. එච්.එම්.ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇති අතර එහිදී නියෝග කර ඇත්තේ පනවා තිබූ අතුරු තහනම් නියෝගය ජූලි මස 29 වනදා දක්වා දීර්ඝ කරණ ලෙසටය.

මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදුකිරීමට නව රජය තීරණය කර ඇති බවයි,එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆස්ලි රසික් මහතා සඳහන් කළේ.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ මීළඟ පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම ජූලි මස 29 වනදා කැඳවන ලෙසද නියෝග කෙරුණි. වනජීවී ආරක්ෂක සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු වනජීවී අමාත්‍යවරිය ඇතුළු පිරිසක්ව නම් කර තිබේ.  

ReeCha