ධනුෂ්ක ගුණතිලක සහ තරුණිය අතර සිදුවූ දේ අධිකරණයේදී අනාවරණය වූ හැටි.

Danushka Gunathilaka
By Wayomi Nov 09, 2022 12:45 PM GMT
Wayomi

Wayomi

Report

ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවට අදාළ කරුණු ප්‍රසිද්ධ කිරීමට සිඩ්නි මහේස්ත්‍රාත්වරයා අද අවසර දුන්නා.

ඒ අනුව අවසරයකින් තොරව ලිංගිකව එක්වීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ධනිෂ්ක ගුණතිලක, අද (09) වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි‍යා.

මෙහිදී ධනුෂ්කට චෝදනා එල්ල කරන කාන්තාව පවසන ආකාරයට කිහිප වතාවක්ම තමාගේ හුස්ම හිර කිරීමට ධනුෂ්ක උත්සහ කළ බව අධිකරණය විසින් නිකුත් කරන ලද ලේඛනවලින් අනාවරණය වී තිබෙන බවයි ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තාවල සඳහන්.

එම වාර්තාවල දැක්වෙන පරිදි නිව් සවුත් වේල්ස් පොලිසියේ තොරතුරු පත්‍රිකාවෙන් හෙළිදරව් වී ඇත්තේ, වින්දිත කාන්තාවගේ නිවසේ දී, ධනිෂ්ක “බලහත්කාර” ලිංගික සංසර්ගයේ යෙදුනු බවත්, එම අවස්ථාවේ දී ඔහු තත්පර 20-30ක කාලයක් ඇගේ ගෙල වටා එක් අතක් යවමින් ඇයගේ ගෙල සිර කළ” බවයි.

මේ අතර ඔහුගේ අත ඇයගේ මැණික් කටුවෙන් ඉවත් කිරීමට උත්සාහ කළත්, විත්තිකරු විසින් තවත් තත්පර 10ක් ඇගේ බෙල්ල වටා තදින් අත රඳවාගෙන සිටි බවත් එම කාන්තාව පවසා තිබෙනවා.

එමනේම ඇය පවසා ඇත්තේ, කොන්ඩම් නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදීමට ඇය එකඟ නොවූ බවත්,හුස්ම හිරවීම සම්බන්ධ ලිංගික සංසර්ගයට ද තමන් එකඟ නොවූ බව‍ත්ය.

නිව් සවුත් වේල්ස් පොලිසියේ වාර්තාවන්ට අනුව වින්දිත කාන්තාව අදාල සිද්ධියෙන් අනතුරුව රෝහලකට ගොස් ඇති බවත් එහි දී ඇය ලිංගාශ්‍රිත වෛද්‍ය පරීක්ෂණකට සහ මොළයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය වී තිබෙන බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

පොලිස් වාර්තා අනුව, ධනුෂ්ක ගුණතිලක, 29 හැවිරිදි අදාළ තරුණිය Tinder යෙදුම හරහා හඳුනාගෙන ඇති අතර Instagram සහ WhatsApp ඔස්සේ කතාබහ කර ඇති බවත්, වීඩියෝ ඇමතුම් ද ලබාගෙන ඇති බවත් හෙළි වී තිබෙනවා.

අධිකරණ වාර්තාවේ දැක්වෙන්නේ, ඔවුන් දෙදෙනා අදාළ සිද්ධියට පෙර එකිනෙකා අඳුනාගෙන නොසිටි බවයි.

නොවැම්බර් 2 වැනි දා සිඩ්නි නුවර ඔපෙරා බාර් හි දී පෞද්ගලිකව හමුවීමට කටයුතු කිරීමට පෙර බ්‍රිස්බේන් නුවරට පැමිණෙන ලෙස විත්තිකාර ධනිෂ්ක විසින් කාන්තාවට දිරිමත් කළ බවත්,

මෙම යුවළ පැය භාගයක පමණ කාලයක් බාර් එකේ රැඳී සිටි අතර, ඔවුන් මත්පැන් පානය කර රාත්‍රී ආහාරය සඳහා ගොස්, වින්දිතයාගේ නිවසට ආපසු යාමට ඔවුන් ටැක්සියක් බලාපොරොත්තුවෙන් සිටි බවත්, ඒ අතරතුරත් විත්තිකාර ධනිෂ්ක විසින් වින්දිත කාන්තාව ව අනිසි ලෙස ස්පර්ශ කර ඇති බවත් මාධ්‍ය වාර්තා වල සඳහන්.

ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පැමිණීමට පෙර පසුගිය ඉරිදා (06) උදෑසන ධනුෂ්කව අත්අඩංගුවට ගැනුණු අතර, ලිංගික චෝදනා 4ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW