උසාවියේ නඩු පොත කටු ගාලා - කවුද මේ?
CID - Sri Lanka Police
Sri Lanka Magistrate Court
Law and Order
Latest Headlines
Sinhala news
By Ashfa
මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ ලේඛනයක් කුරුටු ගෑමට අදාළ සංකීර්ණ විමර්ශනයක් රහස් පොලිසියට බාර දීමට මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (07) නියෝග කළාය.
මෙය 2024 ජනවාරි 9 වනදා ‘මෝෂන් පොත’ කාපු බවට ලැබුණු පැමිණිල්ලකට අදාලවය.
විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා, අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පැවසීය.
එමඟින් අදාළ 'මෝෂන් පොත' සහ සෙවිය හැකි අනෙකුත් ලේඛන මුද්‍රා කර සේප්පුවේ තැබීමටද නියෝගය නිකුත් විය.
