බෙංගාල බොක්කේ හදිසි කැළඹීමක්! හෙට සිට මි.මී. 150 පනින අතිශය තද වැසි - ප්‍රදේශ රැසකට රතු එළියක්

Report

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (13) දිනය වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම කාලගුණ පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සහ දිවයින වටා පිහිටි ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි

මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති වීමේ හැකියාව ද පවතී

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව තව දුරටත් දැනුම් දී ඇත.

අද උදෑසන 11ට නිකුත් කළ නිවේදනයක් - ප්‍රවේශම්වන්න - හෙට පාන්දර 1 වෙනකල් දිවයිනටම වලංගුයි

අද උදෑසන 11ට නිකුත් කළ නිවේදනයක් - ප්‍රවේශම්වන්න - හෙට පාන්දර 1 වෙනකල් දිවයිනටම වලංගුයි

සිරිලිය සවිය ගිණුම් විමර්ශනය - FCIDයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

සිරිලිය සවිය ගිණුම් විමර්ශනය - FCIDයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

Gallery