කොරෝනා වෛරසයේ ඔබ මෙතෙක් නොදත් භයානක දෙයක් ගැන හෙළිදරව්වක්..

Covid Sri Lanka Healthy Hemantha herath
By Aruna Aug 10, 2021 01:10 AM GMT
Aruna

Aruna

Report

උගුරේ වෛරස ප්‍රමාණය වැඩි වන විට වාතයට වෛරසය වැඩි වශයෙන් එකතු වන බැවින් ඩෙල්ටා වෛරසය ප්‍රචාරය වන වේගයට වඩා සියයට 100ක වේගයකින් සමාජය තුළ පැතිර යන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පහත පරිදි පැහැදිලි කළේය.

"අපි මේ වෛරසය සොයාගන්න උගුරේ සෙම පරීක්ෂණයක් කරනවා පීසීආර් කියලා. මේකෙ දී CT අගය කියලා එකක් ගන්නවා.

අපි උගුරේ සෙම ගත්තාට පස්සේ 40 වතාවක් රත් කරනවා.

ඒ 40 වතාවේ දී මේ වෛරසය හමුවුණේ නැත්නම් අපි කියනවා ඒ ලෙඩාට වෛරසය ආසාදනය වෙලා නෑ කියලා.

අපි මුල අවස්ථාවේ දී අපි මේ වෛරසය එන කොට 32 - 33 වතාවක් වගේ මේක වර්ධනය කරාම තමා වෛරසය හමුවුණේ. දෙවැනි රැල්ල එනකොට අපි සාමාන්‍යයෙන් 22 වතාවක් මේ වෛරසය වර්ධනය කරාම අපි ඒක දකිනවා.

පසුගිය මාර්තු මාසයේ පමණ වෙනවිට සාමාන්‍යයෙන් 15 පාරක් පමණ 15 -12 වතාවක් වර්ධනය කරන විට වෛරසය හමුවුණා.

පසුගිය දින කිහිපය වන විට උගුරෙන් ගත්ත සෙම එක්වරක් වර්ධනය කළ විට වෛරසය දකින්න පුළුවන්.

කෙල බිඳිති මඟින් ප්‍රචාරය වුවත් උගුරේ තිබෙන වෛරස ප්‍රමාණය වැඩිවෙන විට එය බිඳිතිවලට යනවාට අමතරව වාතයට එකතු වේ.

" මේ හේතුවෙන් භයානක ඩෙල්ටා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ විසින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now