රට යන ලාංකික සිසුන්ට කොරෝනා එන්නත කඩිනමින්

Covid-19
By Thaya Feb 09, 2021 10:04 PM GMT
Thaya

Thaya

Report

උසස් අධ්‍යාපනය ලැබීම සදහා විදෙස් රටවල් වෙත යාමට නියමිත ලාංකික සිසුන්ට මෙරට තුලදී කඩිනමින් කොරෝනා එන්නත ලබාදීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී තිඛෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමවුට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

කොරෝනා එන්නත් ගෙන්වීමට රජය සතුව මුදල් නොමැති බවට පළවන වාර්තා අසත්‍ය බවද ඔහු අවධාරණය කළා. මූලික පුරවැසි ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනතා අදහස් විමසන්නේ ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මර්ධනය කිරීමේ අරමුණින් නොවන බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ. විදෙස්ගත ලාංකික ශ්‍රමික ගැටළු හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කළ ජනපති කොමිසමේ වාර්තාවට අදාල ඉදිරි පියවර පිළිබදවද මෙහිදී ප්‍රශ්ණ කෙරුණා.