මෙරට දේශපාලනයේ ප්‍රභලයෙකුට කොරෝනා..

Corona Political Raja kollure
By Aruna Dec 03, 2021 10:11 AM GMT
Aruna

Aruna

Report

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙද්දී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (3) පෙරවරුවේ ඇතිවිය.

සරත් ෆොන්සේකා තමා නිවටයකු යැයි පැවසූ බව සඳහන් කළ විරසේකර මහතා තමුන්නාන්සේගේ නිවටකම කුහකකම මුළු රටම දන්නා බවද ප්‍රකාශ කළේය.

"පොලීසියට බොරුවට චෝදනා කරන්න එපා" යැයිද සරත් වීරසේකර මහතා පැවසීය.

ටින්කරින් ලසන්ත අත්අඩංගුවට ගන්නැයි නොකියපු සරත් ෆොන්සේකා ඔහු ඝාතනය කළ විට අද දුක් වන බවත් ඒ පුද්ගලයා ඝාතනයට ලක්වූයේ සඟවා ඇති ආයුධ සොයද්දී බවත් හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා සරත් වීරසේකර මහතාට විවිධ දේ පවසමින් බැන වදිනු දැකගත හැකි විය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි. වීරසේකර මහතා :

"ඔයා ඉන්න පොඩ්ඩක්. මට කතා කරන්න දෙන්න.

මම ඔයාට විරුද්ධ වුණේ නැහැ. පොඩ්ඩක් නිහඬ වෙලා අහගෙන ඉන්න." "මෙතුමා ආරක්ෂක ඇමැති වෙන්න සිහින මවනවා. යහපාලන රජයේ මහජන ආරක්ෂක ඇමැති වෙන්න හැදුවා.

නමුත් දුන්නේ නැහැ මිනිහගේ හැටි දන්න නිසා. මෙතුමාට වගේ දූෂණ චෝදනා අපිට නැහැ.

වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා."

සරත් ෆොන්සේකා මහතා:

මෙතුමා ලයියා කියන දරුණු අපරාධකාරයාගේ මල්ලි එක්ක ගිහිල්ලා ගොඩනැගිල්ලක් විවෘත කරනවා.මෙතුමා මට නිවටයි කිව්වා කිව්වා.

නිවටයා කවුද කියලා රටේ ජනතාවගෙන් අහන්න.මේ සරත්ද ඒ සරත්ද කියලා.

මේ අවස්ථාවේදී දෙදෙනා අතර යළි බහින්බස්වීමක් ඇතිවිය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now