අද මෙරට කොරෝනා ආසාදතයින් සහ මරණ ගණන ඉහළ යයි...ආසාදිතයින් 800ට ආසන්න වේ.

Corona
By Thaya Jan 20, 2021 07:37 PM GMT
Report

අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 55,189ක්.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 768ක් වේ.

මේ අතර මෙරට 274වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා.

එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවක්.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරුකර යවා ඇති අතර එම රෝහලේදී අද (20) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව නිසා ඇතිවූ ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර දිවැඩියාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.