කොවිඩ් වෛරස ව්‍යාප්‍තිය තවත් ඉහළට
Corona virus
Covid 19
Korean
By Sithumi
දකුණු කොරියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කොවිඩ් සමග රටේ කටයුතු පවත්වාගෙන යාමේ අරමුණින් මෙම මාසයේ සිට නව සාමාන්‍යකරණයට අදාළ කොන්දේසි දකුණු කොරියා රජය විසින් හඳුන්වාදීමත් සමග මෙලෙස යළිත් ආසාදිතයින් ඉහළ ගොස් ඇත.
ගත වූ දිනයේ නව ආසාදිතයින් 3,292 දෙනෙකු හදුනාගෙන ඇති අතර එය කොවිඩ් වසංගතය ආරම්භයෙන් අනතුරුව දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.
මේ වන විට දකුණු කොරියානු ජනගහනයෙන් සියයට 82ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බව ද විදෙස් වාර්තා වල සඳහන් වෙයි.