විශ්වවිද්‍යාල ගැන කෝප් කමිටුවේ නිර්දේශය

By Sithumi Dec 11, 2021 01:49 PM GMT
Sithumi

Sithumi

Report

ශාස්ත්‍රීය කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට ඇති ස්වාධීනත්වය ආරක්ෂා කරමින් එහි කටයුතු වලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් විය යුතු බවට කෝප් කමිටුව නිර්දේශ කරනවා. 

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ එය පරිපාලනමය හා ප්‍රතිපදනමය මැදිහත්වීමක් විය යුතු බවයි. එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යන අංශ ද පරිපාලන රෙගුලාසි හා නීතිරීති වලට අනුගත විය යුතු බව ඔවුන් පේනවා දෙනවා.

ඇතැම් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ව තම අභිමතය පරිදි බඳවා ගන්නා තත්ත්වයක්ද ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

  කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේ මෙසේ බඳවා ගැනීම් සිදුකිරීම නොවිය යුතු දෙයක් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha