පළාත් පාලන ආයතන බලය පිහිටුවීම ගැන ඇමති සරත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Sri Lanka Politician Local government Election Sinhala news
By Hashini May 17, 2025 05:49 AM GMT
Hashini

Hashini

Report

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසන්නේ ප්‍රශ්නය ඇත්තේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂයෙන් මුදල් දී මන්ත්‍රීවරුන් බා ගැනීමට තැත්කිරීම නොව මුදල් ලබාගෙන සහාය දැක්වීමට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බවයි.

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

ඉතින් ආණ්ඩු පක්ෂයෙන් මුදල් ගන්න අයගෙන්නේ මාර ප්‍රශ්නෙ තියෙන්නෙ. ගන්නෙ අපේ පක්ෂෙ අය නෙවෙයිනෙ. ගන්නෙ සජබෙන් නෙ. ගන්නෙ පොහොට්ටුව නෙ. ගන්නෙ පුටුව නෙ. තමන්ගෙ පක්ෂවල දාපු අය , ඒ තරම් දුර්වලයෝ දැම්මෙ මොකටද ? අපිට ප්‍රශ්නයක් නෑ. අපි සල්ලි දෙන එක නෙවෙයිනෙ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ. සල්ලි ගන්න එන අය කවුද කියලානෙ බලන්න ඕනෙ. තමන්ගෙ පක්ෂෙ ඇතුළෙ ඉන්න මිනිහාව පාලනය කරගන්න බැරිව ලෝක විහිළු දෙන්න එපා කියන්න. ජාත්‍යන්තරයටත් ඕක හොඳ නෑ එච්චර”

අත්අඩංගුවට ගත් අන්තරේ 9දෙනාට ඇප

අත්අඩංගුවට ගත් අන්තරේ 9දෙනාට ඇප

ReeCha