පශු පාලන ඖෂධ මිල පාලනය කරන්න ඉල්ලීමක් .
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Hashini
පශු පාලනයේදී භාවිත කරන ඇතැම් ඖෂධ වර්ගවල මිල සීග්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නැයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් පශු වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබෙනවා.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල, පශු සම්පත් අංශයේ නිලධාරින් සහ පශු වෛද්‍යවරුන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී ඊයේ (11) අමාත්‍යවරයා හමු වී මෙලෙස ඉල්ලීම් කර ඇති බව සඳහන්.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ඌරන්,බැටළුවන්,එළුවන් සහ කුකුළන් වැනි සතුන් පාලනයේදී ඔවුන්ට බෝවන රෝග වළක්වා ගැනීම සඳහා ඖෂධ භාවිතා කිරීම අනිවාර්ය නමුත්, මේ වන විට වෙළඳපොලේ එම ඖෂධ වල මිල ඉහළ ගොස් ඇති බවයි.
