අධික වේගයෙන් ගිය කන්ටේනරය පාලමෙන් පෙරලුණ හැටි මෙන්න.(VIDEO)

අධික වේගයෙන් ධාවනය වූ කන්ටේනර් රථයක් රත්නපුර කැටන්දොල මාර්ගයේ පාලමක් අසලදී ලිස්සා යෑමෙන් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබේ.

අද (13) උදෑසන එම අනතුර සිදුවී ඇත.

ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා එළවළු සහ පළතුරු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එලෙස මාර්ගයේ ලිස්සා යෑමෙන් ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද අනතුරට පත්කරමින් ප්‍රපාතයට පෙරළී තිබුණි.

අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී තිබේ.

මෝටර් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරී ඇත. යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා සුළු තුවාල ලබා ඇත.

කන්ටේනර් රථයේ රියදුරු ද සුළු තුවාල ලබා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now