නව විගණකාධිපති කවුරුන් වෙයිද? තීරණය අද හවස

Report

මීළඟ විගණකාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

මීළඟ විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරිනියකගේ නමක්ද යෝජනා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .

එම නම මීට පෙරද ඉදිරිපත්ව තිබූ නමුදු විවිධ දූෂණ චෝදනා හේතුවෙන් ඒ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කෙරුණු බව දැනගන්නට ලැබී තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට වාර්තා වේ.

ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ජ්‍යෙෂ්ඨ විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා වේ ඔහුගේ එහි අඛණ්ඩ සේවා කාලය වසර තිස් එකක් බවට වාර්තා වී තිබේ.

ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරයට පත් කරන ලෙස මහ නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන ඇතුළු පිරිස් පසුගිය කාලය පුරා ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කර ඇත.

විගණකාධිපති ධුරයට තවත් නමක් ජනපතිගෙන්

විගණකාධිපති ධුරයට තවත් නමක් ජනපතිගෙන්

උපවාසයේ නිරත විරෝධතාකරුවන්ගෙ සුව දුක් විමසන්න සජිත් එයි

උපවාසයේ නිරත විරෝධතාකරුවන්ගෙ සුව දුක් විමසන්න සජිත් එයි