පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසියේ හටගත් තාක්ෂණික බිඳවැටීමක් හේතුවෙන්, හෙට (24) දින එම දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි සියලුම පළාත් කාර්යාලවල ක්‍රියාත්මක වන එක්දින සේවාව ඇතුළු සියලුම සේවාවන් හෙට දිනයේදී ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම හදිසි පද්ධති බිඳවැටීම හේතුවෙන් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කර සිටින අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම සේවා ආරම්භ කරන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ඇත.