අදහාගත නොහැකි සැත්කමක් බදුල්ල මහ රෝහලෙන්

Report

යකඩ කම්බියක් උදරය පසාරු කරගෙන කොන්ද පිටුපසින් එළියට පැමිණ අනතුරක් සිදුවු පුද්ගලයෙකුගේ දිවි බේරාගැනීමට බදුල්ල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව ඇත.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, 37 හැවිරිදි පුද්ගලයෙකි.

 බදුල්ල රෝහලට අනතුරට ලක්වූ පුද්ගලයා රැගෙන ඒමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එම යකඩ කුරේ කොටසක් කපා ඉවත් කර තුවාලකරුව ශල්‍යකර්මය සඳහා යොමුකර තිබුණි.

ඉන් පසුව වෛද්‍යවරු සැත්කම සිදුකරන අතරතුර, සිරුර තුළ වූ යකඩ කොටස් ඉවත් කර තිබේ .

දරුණු අනතුරට ලක් වූ එයාර් කැනඩා ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට

දරුණු අනතුරට ලක් වූ එයාර් කැනඩා ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට

මෙම පුද්ගලයාට මෙම අනතුර සිදුව තිබුණේ මුරුංගා ගසක මුරුංගා කැඩීමට යාමේදී මුරුංගා අත්තක් කැඩි යෑමෙන් මෙම පුද්ගලයා කොන්ක්‍රීට් තාප්පයක් උඩට වැටී ඇති අතර, එහිදී යකඩකූරක් ඇනීමෙනි.