වැඩතහනමකට ලක්ව සිටින රේගු ලොක්කෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශය මඟින් සිදුකරන ලද විමර්ශනයක් අනුව, මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත අතර වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට සුදානම් බව සඳහන්.