බස් ගාස්තු සංශෝධනයත් සමඟ හෙට බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

Report

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට බස් ගාස්තු සියයට 12.19කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනය කළේය.

මෙම නව සංශෝධනයත් සමඟ මෙතෙක් රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යන අතර, රුපියල් 2,159ක්ව පැවති උපරිම බස් ගාස්තුව රුපියල් 2,422ක් දක්වා රුපියල් 263කින් වැඩි වී තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළ මෙම නව ගාස්තු සංශෝධනය වත්මන් තත්ත්වය යටතේ ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළ අතර, ඒ අනුව හෙට (24) දිනයේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද ඒ මහතා තහවුරු කළේය.

හෙට දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත මගීන්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය කරන ලෙස දැනුම් දී ඇති අතර, නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් අය කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

යම් හෙයකින් නියමිත බස් ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන්නේ නම්, ඒ පිළිබඳව 1955 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 071 259 5555 යන වට්ස්ඇප් (WhatsApp) අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ගමනාගමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අපි ඇමරිකාව එක්ක සාකච්චා කළේ නැහැ - ට්‍රම්ප් බොරු කියන්නේ - ඉරානයෙන් ඇත්ත හෙළිකරයි

අපි ඇමරිකාව එක්ක සාකච්චා කළේ නැහැ - ට්‍රම්ප් බොරු කියන්නේ - ඉරානයෙන් ඇත්ත හෙළිකරයි