අපි ඇමරිකාව එක්ක සාකච්චා කළේ නැහැ - ට්‍රම්ප් බොරු කියන්නේ - ඉරානයෙන් ඇත්ත හෙළිකරයි
සුළු මොහොතකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මේ වනවිට ඉරානය සමග යහපත් සංවාද සිදුවන බැවින් යුද්ධය දින 5කට අත්හිටුවන බවයි.
නමුත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් වොෂින්ටනය සමඟ සංවාද ඉරානය ප්‍රතික්ෂේප කර ඇති බව ඉරාන රාජ්‍ය අනුබද්ධ මාධ්‍ය ආයතන කිහිපයක් විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් වාර්තා කළේය.
මීට අමතරව ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර වර්තමානයේ කිසිදු සෘජු හෝ වක්‍ර රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදනයක් සිදු නොවන බව ඉරානයේ ෆාර්ස් (Fars) පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.
ඉරානය සමඟ පවතින සාකච්ඡා "ඵලදායී" (Productive) මට්ටමක පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ඉරාන බලධාරීන් මෙම කරුණු අනාවරණය කර ඇත.
ඉරාන රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ෆාර්ස් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ, දෙරට අතර පවතින යුදමය සහ දේශපාලනික අර්බුදය සමනය කිරීම සඳහා කිසිදු මට්ටමක සාකච්ඡාවක් මෙතෙක් ආරම්භ වී නොමැති බවයි.