ගැටුමෙන් පසූ සියල්ල හිස් වූ මීගමුව හිරගෙදරේ හානිය ගැන හොයන්න විශේෂ කමිටුවක්

Report

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් අටදෙනෙකු (08) සහ රැඳවියන් 21 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 29 දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.

බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබූ මෙම ගැටුමෙන් බන්ධනාගාර දේපළවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ කමිටුවක් පත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළේය.

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

මෙම හානි තක්සේරු කිරීමේ කමිටුවට අමතරව, සිද්ධියට අදාළ සමස්ත විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් තවත් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මීගමුව බන්ධනාගාරයේ දැනට රැඳී සිටින 600කට අධික රැඳවියන් පිරිස කඩිනමින් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීම සඳහා වන සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතී.

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

මේ අතර, රාජකාරියේ නිරතව සිටියදී මෙම ගැටුමෙන් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරීන් අටදෙනා වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මරණින් පසු පදවි උසස්වීම් සහ මූල්‍ය වන්දි පිරිනැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.