ගුවනේදී ජනේලයක් ගැලවී මගියෙක් එළියට ඇදෙයි - රයන්එයාර් යානයක සිදු වූ මරණීය බියකරු අත්දැකීම
සිකුරාදා දිනයේ රයන්එයාර් සේවයට අයත් ගුවන් යානයක් ගුවන් ගත වූ කෙටි වේලාවකට පසු කැබින් කවුළුවක් ගුවනේදී ගැලවී යාම හේතුවෙන් හදිසි ලෙස ග්‍රීසියේ තෙසලෝනිකි ගුවන්තොටුපළ වෙත ආපසු යාමට සිදුවිය.
මෝල්ටා එයාර් විසින් මෙහෙයවනු ලැබූ මෙම ගුවන් යානය ග්‍රීසියේ තෙසලෝනිකි සිට ජර්මනියේ මෙමින්ගන් බලා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධිය වාර්තා වී තිබේ.
මගීන්ගේ ප්රකාශයන්ට අනුව, වයස අවුරුදු 60කට ආසන්න පුද්ගලයෙකු කවුළුව අසල සිටියදී හදිසි වායු පීඩන අඩුවීම හේතුවෙන් ඔහුගේ ශරීරය කවුළුවෙන් පිටතට ඇදෙන තත්ත්වයක් ඇතිව තිබූ අතර, අනෙකුත් මගීන්ගේ මැදිහත්වීමෙන් ඔහු ආරක්ෂිතව නැවත ඇතුළට ඇදගෙන ඇත.
එම අවස්ථාවේදී කැබින් පීඩනය වේගයෙන් අඩුවීම නිසා ඔක්සිජන් ආවරණද ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ රයන්එයාර් සමාගම පැවසුවේ, “ගුවන් ගමන අතරතුර මගී කැබින් කවුළුවක් ඉවත් වීමෙන් පසු” ගුවන් යානය ආරක්ෂිතව තෙසලෝනිකි වෙත ආපසු ගොස් ඇති බවයි
ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්වීමෙන් අනතුරුව එක් මගියෙකුට බිම් මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති අතර, ගමන ඉදිරියට ගෙන යාම සඳහා වෙනත් ගුවන් යානයක්ද සූදානම් කර තිබේ.
අයර්ලන්ත ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව තමන් දැනුවත් බවත්, ග්‍රීක සහ මෝල්ටා ගුවන් සේවා බලධාරීන් සමඟ එක්ව විමර්ශන කටයුතුවලට සහාය දෙන බවත්ය. කැබින් කවුළුව ගැලවී යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.