හෝමුස් ප්‍රහාරය අපේ අතින් වුණු වැරැද්දක් ඉරානය ට්‍රම්ප්ගේ උපදේශකයින්ට කියයි
හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නැව් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම තමන් අතින් සිදුවූ බරපතළ වැරැද්දක් බව ඉරාන උසස් නිලධාරීන් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ උපදේශකයින් වෙත පෞද්ගලිකව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජ්‍යෙෂ්ඨ අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කඩාකප්පල් කිරීමේ අරමුණින් ඉරානයේ ක්‍රියාත්මක වන දැඩි මතධාරී කල්ලියක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන බලධාරීන් පවසා ඇති බවයි.
ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්
කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය විසින් පවතින සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන මෙම මෙහෙයුම් දෝෂය, ඉරාන පාලන තන්ත්‍රය විසින් ඉදිරියේදී ප්‍රසිද්ධියේ පිළිගනු ඇතැයි ධවල මන්දිරය දැඩිව අපේක්ෂා කරන බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.