ලෝකයක් බලා සිටි කමේනි මිහිදන් කළ අවස්ථාව සහ ඔහුගේ සොහොන් බිම පළමුවරට මාධ්‍යට ප්‍රකාශයට පත් කරයි

Report

ඇමෙරිකාව සහ ඉරානය අතර හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් යළිත් දරුණු මිලිටරි ගැටුම් මතු වෙමින් පවතින පසුබිමක වුවද, ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහතාගේ දේහය මිහිදන් කිරීමේ කටයුතු අතිවිශාල ජනකායකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

දශක හතරකට ආසන්න කාලයක් ඉරාන දේශපාලනයේ සහ ආගමික ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවා වූ ඔහුගේ දේහය, ජීවන ගමනේ අවසන් නවාතැන්පොළ ලෙස ෂියා මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික අගනුවරක් මෙන්ම ඔහුගේ උපන් ගම ද වන මෂාඩ්  නුවර පිහිටි සුප්‍රකට ඉමාම් රේසා පුදබිමේදී මිහිදන් කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, සතියක් පුරා පැවති මෙම දීර්ඝ අවමංගල උත්සව මාලාව සඳහා සමස්තයක් ලෙස මිලියන 43 කට අධික ජනකායක් සහභාගී වී ඇති අතර, සිය අසහාය නායකයාට අවසන් බුහුමන් පිදීම වෙනුවෙන් මෂාඩ් නුවර වීථි මුළුමනින්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.

කෙසේ වෙතත්, ඉරානයේ නව ආධ්‍යාත්මික නායකයා ලෙස පත් කෙරුණු ඔහුගේ පුත් මොජ්ටබා කමේනි මහතා සතියක් පුරා පැවති මෙම අවමංගල උත්සවයේ කිසිදු අවස්ථාවකට සහභාගී නොවීම විශේෂත්වයක් වූ අතර, ඔහුගේ සොහොන් බිම සහ මිහිදන් කළ අවස්ථාවේ ඡායාරූප ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

අද 2න් පසු කාලගුණය වෙනස් වෙයි - මුළු ලංකාවටම විශේෂ නිවේදනයක්

අද 2න් පසු කාලගුණය වෙනස් වෙයි - මුළු ලංකාවටම විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්