බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව පිරිනැමීම සඳහා වඩාත් ක්රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් නව ක්‍රමවේදයක් ඇතුළත් කර සකස් කරන ලද විශේෂ වාර්තාව, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් ඊයේ (10) නිල වශයෙන් භාර දෙනු ලැබීය.
අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති මෙම අවස්ථාවේදී අදාළ වාර්තාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මහත්මිය වෙත භාරදීමට පියවර ගැනුණි. ජනාධිපති පොදු සමාව දීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.