රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්

Report

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් උදෙසා වඩාත් විධිමත් සහ ආකර්ෂණීය නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කඩිනමින් සකස් කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ විදේශගත ශ්‍රමිකයන් මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධානතම ජීවනාලිය බඳු වන බවයි.

දැනට ලක්ෂ 17ක පමණ පිරිසක් විදේශ රැකියාවල නිරත වන අතර, 2025 වසරේදී මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වී තිබියදීත් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ලියාපදිංචි වී ඇත්තේ ශ්‍රමිකයන් 307ක් වැනි අවම පිරිසක් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා, වත්මන් ක්‍රමවේදයේ ඇති අඩුපාඩු හඳුනාගෙන ඊට පිළියම් ලෙස මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බවද ප්‍රකාශ කළේය.

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

මෙම නව ක්‍රමවේදය යටතේ සියලුම ශ්‍රමිකයන්ට එකම ආකාරයේ සැලසුමක් වෙනුවට, ඔවුන්ගේ සේවා කාලය සහ ආදායම් මට්ටම් අනුව තෝරාගත හැකි නම්‍යශීලී විකල්ප සකස් කෙරේ.

ඒ අනුව සේවා කාලය අවසානයේ මාසික විශ්‍රාම වැටුපක් ලෙස හෝ කල් පිරුණු පසු එකවර ලැබෙන ස්ථාවර මුදලක් ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රමිකයාට නිදහස හිමිවෙයි.

කුවෙට් අරමුදලින් රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සඳහා රුපියල් බිලියන 2.1ක් වෙන් කර ඇති අතර, 2026 දෙසැම්බර් 31 වැනිදාට පෙර මෙහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට රජය බැඳී සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව, විදේශගත ශ්‍රමිකයන් මෙරටට නීත්‍යානුකූලව එවන ප්‍රේෂණ නිවැරදිව වාර්තා කරගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය හා එක්ව විශේෂිත ඩිජිටල් යෙදවුමක්  හඳුන්වා දීමට ද සැලසුම් කර ඇත.

මේ හරහා සෑම ශ්‍රමිකයෙකුටම තමන් එවූ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳ නිල වාර්තාවක්  පහසුවෙන් ලබා ගත හැකි අතර, එම දත්ත පදනම් කරගෙන ඔවුන්ට හිමිවන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය විනිවිදභාවයකින් යුතුව තීරණය කෙරේ.

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

මෙම සමස්ත සුබසාධන වැඩපිළිවෙළ ශ්‍රමිකයාගේ ස්වේච්ඡා කැමැත්ත මත පමණක් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිරි කාලය තුළ මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.