ඊයේ කොටස් වෙළෙඳපොළ පහළ ගියාට අද නැගිටලා
අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනන වර්ධනයක් වාර්තා වී ඇත.
ඊයේ (09) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 231.72 ක දැවැන්ත කඩාවැටීමක් වාර්තා වූ පසුබිමක අද ගනුදෙනු ආරම්භයේ මුල් මිනිත්තු 40 පමණ ඇතුළත ඒකක 175ක් ඉක්මවූ පහළ යාමක් දක්නට ලැබුණ නමුත් ක්‍රමයෙන් ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ සක්‍රීය ස්වභාවයක් දක්නට ලැබුණු අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 95.23කින් ඉහළ ගොස් ඒකක 20,769.34ක් දක්වා ඉහළ යන ලදී.
S&P SL20 දර්ශකය අද දින ඒකක 34.58කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 5,929.71 ක් දක්වා වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇත.
දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ රු. බිලියන 11.87ක සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. එහිදී රු. බිලියන 2.69ක විදේශ විකිණුම් වාර්තා වීම කැපීපෙනේ. දේශීය මිල දී ගැනීම් රු. බිලියන 11.74 ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 9.17ක් ලෙසත් දිනය තුළ වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 126ක් ලෙසින් වාර්තා වුණි.