කොළඹ ගැන එකවරම තීරණයක්..
Colombo
Sri Lanka
By krishani
පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් කොළඹ නගර සභාවට නියෝගයක් කර තිබෙනවා.
ඒ කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙසයි.
මෙම දිනවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී තිබෙනු දක්නට ලැබෙයි.
ඒ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.
ඒ අනුව මෙම ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී පසුගියදා අවධානය යොමු වීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
