කොළඹට රතු එළියක්..කරන්න යන දේ මෙන්න..

Corona Sri Lanka Colombo Marsk
By Aruna Oct 20, 2021 06:40 AM GMT
Aruna

Aruna

Report

කොළඹ නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන් ගන්නා පුද්ගලයින් හා වෙළෙඳාම් කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

දැනටත් සමහර පුද්ගලයින් නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන්කරන බවට පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී තිබෙන බවයි ඔහු පැවසුවේ.

කොළඹ නගරයේ පදික වෙළෙඳාම් කරන ස්ථානවල, කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ, බස් නැවතුම්පළවල් ආශ‍්‍රිතව බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

මේ අතර පසුගිය සති 3 තුළ දී සිංගප්පූරුවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

එම කාලසීමාවේදී එරට කොරෝනා මරණ 160ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙන් වැඩි ප්‍රමාණයක් දැඩි සත්කාර ඒකකයන් හි ප්‍රතිකාර ලැබීම මරණ ඉහළ යාමට හේතුවක් වී තිබෙනවා.

ඔක්තෝම්බර් 24 වැනි දා දක්වා එරට දැඩි සීමා යොදා ඇති අතර ඉදිරියේදී වාර්තා වන ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව අනුව එම සීමා ඉවත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now