වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ මළසිරුරක් කොළඹ වෙරළට ගොඩ ගසයි

Report

කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා වෙරළ තීරයේදී අතුරුදන් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ මළ සිරුර අද දහවල් වෙරළට ගසාගෙන ආ බව වාර්තා වේ. මෙම ශිෂ්‍යයා, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කරමින් සිටි අයෙකි.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකු සමඟ මුහුදු ජීවින් පිළිබඳ පර්යේෂණයක් සහ ස්නෝර්කලින් ක්‍රීඩාව සඳහා කොළඹ වරාය නගරයේ කෘත්‍රිම වෙරළට පැමිණ සිටියේය.

විමල් වීරවංශ අත්අඩංගුවට.. හිරේ යන්න ලෑස්ති - නාමල් කට අරි

විමල් වීරවංශ අත්අඩංගුවට.. හිරේ යන්න ලෑස්ති - නාමල් කට අරි

අනතුරුව, ඊයේ උදෑසන මෙම ශිෂ්‍යයා ස්නෝර්කලින් ක්‍රියාවලියට යෙදීමේදී අතුරුදන් විය. මෙය නලයක් භාවිතා කරමින් මුහුදු මතුපිට පිහිනන ක්‍රීඩාවක් වන අතර විශේෂ උපකරණ හෝ බලපත්‍ර අවශ්‍ය නොවන ක්‍රියාකාරකමක් බවද හෙතෙම යෙදෙමින් තිබූ ක්‍රීඩාවට අදාළව කියැවෙයි.

අතුරුදන්වීමෙන් අනතුරුව, පොලීසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. එමඟින් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ශිෂ්‍යයා භාවිත කළ ස්නෝර්කල් උපකරණ හඳුනාගන්නට හැකිවූ නමුත් ඔහුගේ සිරුර සෙවීමේදී බොහෝ කාලයක් ගතවිය.

අවසන් වශයෙන්, අද දහවල්දී මෙම ශිෂ්‍යයාගේ සිරුර වෙරළට ගසාගෙන ආ බව පොලිස් මාධ්‍යපෙළ සඳහන් කරයි.

වයස අවුරුදු 24ක් වූ ඔහු ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වාර්තාවේ සඳහන්ය.