ඉරානෙට ගහන්න පළමු පැය 100 ට ඇමෙරිකාවට ඩොලර් බිලියන 3.7 ක වියදමක්

Report

අල්ජසීරා පුවත් සේවය ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුම තුළ පළමු පැය 100 ක කාලය තුළ පමණක් ඇමෙරිකානු රජයට ඩොලර් බිලියන 3.7 ක දැවැන්ත වියදමක් එල්ල වී ඇති බව වාර්තා කරයි.

ඒ අනුව වොෂින්ටනය පදනම් කරගත් මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (CSIS) නිකුත් කළ නවතම වාර්තාව අනුව, මෙම යුද්ධය සඳහා ඇමෙරිකාව දිනකට ඩොලර් මිලියන 891.4 ක වියදමක් සිදුකරමින් සිටින බව පෙන්වා ඇත.

අලුත් ලංවිම ජනන සමාගමේ ආදායමට දැවැන්ත මූල්‍ය අලාභයක් - නොරොච්චෝල විදුලි ජනනය 180කින් පහළට

අලුත් ලංවිම ජනන සමාගමේ ආදායමට දැවැන්ත මූල්‍ය අලාභයක් - නොරොච්චෝල විදුලි ජනනය 180කින් පහළට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෙම යුද්ධය තවත් සති කිහිපයක් දිගු විය හැකි බව ඉඟි කර ඇත.

CSIS ආයතනය සඳහන් කරන්නේ, ගුවන් ප්‍රහාරක මෙහෙයුම් ආරම්භයේදී ඉතා සංකීර්ණ සහ මිල අධික අවි භාවිතා කිරීමට සිදුවීම නිසා මුල් කාලසීමාවේ වියදම් අධික වන අතර, ඉදිරියේදී සාපේක්ෂව අඩු මිලැති අවි භාවිතයට මාරු වීමත් සමඟ පිරිවැය යම් තරමක් අඩු විය හැකි බවයි.

ඉරාන යුධ රහසක් එළියට - හතර වටේට පහර දෙන ප්‍රබල අවියක් ගැන සියල්ල එළියට

ඉරාන යුධ රහසක් එළියට - හතර වටේට පහර දෙන ප්‍රබල අවියක් ගැන සියල්ල එළියට

කෙසේ වෙතත්, මෙම යුද්ධය සඳහා වර්තමාන අයවැය තුළ ප්‍රතිපාදන වෙන් නොකළ බැවින්, ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරියේදී අනිවාර්යයෙන්ම අතිරේක අරමුදල් ලබා ගැනීමට සිදුවනු ඇති අතර, අයවැය මගින් පියවා ගැනීමට උත්සාහ කළහොත් එය දේශපාලනික සහ මෙහෙයුම් මට්ටමින් දැඩි දුෂ්කරතා ඇති කළ හැකි බව CSIS වාර්තාව අනතුරු අඟවයි.