චාල්ස් රජුගේ රුවින් ආ අපූරු කාසිය..

By krishani Sep 30, 2022 04:58 AM GMT
krishani

krishani

Report

රෝයල් මින්ට් හෙවත් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායික කාසි නිපදවන්නා විසින් තුන්වන චාල්ස් රජුගේ රුව සහිත කාසිය සැළසුම් කර ඇත.

ඒ අනුව පැන්ස 50ක සහ පවුම් පහක කාසි දෙකක් මෙලෙස චාල්ස් රජුගේ මුහුණ සහිත ව නිකුත් කිරීමට යි සැළසුම් කර ඇති අතර බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව අනුප්‍රාප්තික රජුගේ හෝ රැජිණගේ රුව කාසියක සටහන් වන්නේ මීට පෙර රජු හෝ රැජිණගේ රුව දැක්වුණු දිශාවට ප්‍රතිවිරුද්ධව වේ.

චාල්ස් රජු ඔටුන්න රහිතව වම්පස බලා හිඳින අයුරු එම කාසියේ දැක්වෙන අතර එම රුව වටා චාල්ස් රජු දෙවියන්ගේ සාඩම්බරයා සහ විශ්වාසයේ ආරක්ෂකයා ලෙස දැක්වෙන ලතින් පාඨයක්ද මුද්‍රණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join