විපක්ෂේ හැමදාම මැතිරුවත් ගල්අඟුරු වංචාව ගැන හොයන්න මෙතෙක් පැමිණිල්ලක් දාලා නෑ? පළමු පැමිණිල්ල අද
2009 සිට මේ දක්වා ගල්අඟුරු ආනයනයේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත අද (07) දින පළමු පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඒ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින් බව සඳහන්. මින් පෙර ගල්අඟුරු ආනයනයේදී සිදු වූ අක්‍රමිකතා වංචා පිළිබඳ දිගින් දිගටම විපක්ෂයෙන් චෝදනා එල්ල වීම දක්නට ලැබුණි.
එහෙත් මෙතෙක් අඳාළ චෝදනාව පිළිබදව ජනාධිපති කොමිෂන් සභාව වෙත කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්.
එවැනි පසුබිමක අද (07) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා 2009 වසරේ සිදු වූ ගල්අඟුරු දූෂණ වංචාවක් පිළිබඳව කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.