බදු ගෙවන්නන්ගේ බිලියන 7 ක් මෙට්‍රෝ බස් වලට.. පෞද්ගලික බස් හිමියන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

Report

රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 7ක මහජන මුදල් වැය කිරීම බරපතළ නාස්තියක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් වෙනත් නාමයකින් පැරණි ක්‍රමවේදයක්ම නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවයි. ඔහුගේ මතය අනුව, මෙම වැඩසටහන රටේ මගී ප්‍රවාහන පද්ධතිය තවදුරටත් දුර්වල කිරීමට හේතු වනු ඇත.

වාහන හීනය තවත් ඈතට - වැගන් ආර් සිට ලෑන්ඩ් කෲසර් දක්වා නව මිල ගණන් මෙන්න

වාහන හීනය තවත් ඈතට - වැගන් ආර් සිට ලෑන්ඩ් කෲසර් දක්වා නව මිල ගණන් මෙන්න

“ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනය බිඳවැටීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලංගමයි. දැන් මෙට්‍රෝ බස් හඳුන්වා දෙමින් රජය නැවතත් එම වැරැද්දම සිදු කරමින් සිටිනවා. මෙවැනි ව්‍යාපෘති නිසා භාණ්ඩාගාරයට දැඩි බරක් පැටවෙනවා. මෙය ජාතික අපරාධයක් ලෙසයි අපි දකින්නේ”

යැයි විජේරත්න මහතා පැවසීය.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, නව බස් රථ හඳුන්වා දීමෙන් පොදු ප්‍රවාහන සේවාවේ පවතින පද්ධතිමය ගැටලු විසඳීමට නොහැකි වන අතර, අවසානයේ බදු ගෙවන්නන්ගේ මුදල් අකාර්යක්ෂම ලෙස වැය වන බවයි.

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්