අද වැසෙන මාර්ගය - පොලිසිය රියදුරන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Sri Lanka Police
Sri Lanka
By krishani
අද (04) වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වසා තැබීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.
ඒ ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික ආයතනයක් මගින් භූගත ජලනල පද්ධතියක් එලීමට නියමිතව ඇති බැවින් ය.
මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |