පොලිස් ලොක්කා සහ ප්‍රදේශවාසීන් අතර ඇති ගැටුමක සුල මුල. - (VIDEO)
By Wayomi
පුත්තලම උඩප්පුව පොලිසියේ නිලධාරියෙකු සිදුකළ පහරදීමකින් ප්‍රදේශවාසීන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලීසිය කැඳවීට සිදු වූ බව සඳහන්.
ඊයේ රාත්‍රි 9.30ට පමණ පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන තිබුණේ උඩප්පුව පොලීසියේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශවාසින් පිරිසක් අතරයි.
එමෙන්ම පහරදීම සිදුකරන අවස්ථාවේ නිලධාරියා ඉතා අශෝභන ලෙස හැසිරෙමින් රැස්ව සිටි ජනතාවට පරුෂ වචනයෙන් බැණවදින අයුරු පුද්ගලයෙකු වීඩියෝගත කර තිබුනා.
එලෙස උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පහරදීම සිදුකරන්නේ අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණි මෝටර් රථයට ප්‍රදේශවාසීන් කෙළ ගැසූ බව පවසමින්.