ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල මේ මාසේ - කුරුදු කිලෝවක් රු 6500ත් 7000ත් අතර මිලකට විකිණෙයි
By Kaushi
කුරුඳු සංවර්ධන මණ්ඩලය මඟින් ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල මේ මාසය තුළ වාර්තා වි ඇති බව සඳහන් කරයි.
ඒ අනුව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉහළම කුරුඳු මිල වාර්තා කරමින් ඇල්බා වර්ගයේ කුරුදු කිලෝවක් රුපියල් 6500ත් 7000ත් අතර මිලකට අලෙවිවන බවයි.
එමෙන්ම සී ෆෝ ෆයිව් වර්ගයේ කුරුඳු කිලෝවක් රුපියල් 5000 සිට 5500 කට අලෙවි වන බව කුරුඳු සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
එම මණ්ඩලයේ සභාපති ජනක ලීන්දර මහතා, මේ වසර තුළ මේ දක්වා ලැබී ඇති අපනයන ආදායම රුපියල් කෝටි 2300 ඉක්මවා ඇති බව ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එය රුපියල් කෝටි 9300ක් දක්වා ඉහළ නංවා ගැනීම මෙම වසරේ ඉලක්කය වී ඇති බවයි.