ලොව සංචාරක රූ රැජින අපේ ආදිත්‍යා ලංකාවට

Report

පසුගිය දා පිලිපීනයේ පැවති " මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 '" ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ ආදිත්‍යා වැලිවත්තයි.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

එහිදී " ඇය ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගත්තාය. ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/30 දින සිට 08/08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර තරගාවලිය පැවැත්විණි.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොදම ජාතික ඇදුම ( Best National Costume ) සහ Most Beautiful Photogenic c සම්මාන ද්විත්වය ද දිනා ගැනීමට සමත් වූවාය. ආදිත්‍යා වැලිවත්ත ජනප්‍රිය ගායිකාවකි. කිරුළ දිනාත් ආදිත්‍යා අද අලුයම දිවයිනට පැමිනියාය.