විශාලම දිය යට දුරේක්ෂය නිර්මාණයට සැරසෙන චීනය.

China World
By Hashini Oct 22, 2023 05:31 AM GMT
Hashini

Hashini

Report

නියුට්‍රිනෝ අංශු හඳුනාගත හැකි ලොව විශාලතම දිය යට දුරේක්‍ෂය නිර්මාණය කිරීමට චීනය සුදානම් වනවා.

හයි ලින්ග් ලෙස චීන බසින් මෙම දුරේක්ෂය නම් කර තිබෙනවා.

මෙම දුරේක්ෂය 2030 වසරේ දී සම්පුර්ණයෙන් තනා නිම කිරීමට අපේක්ෂා කරන මෙය සාගර ජල මට්ටමේ සිට මීටර් 3.500ක් ගැඹුරින් බටහිර පැසිෆික් සාගර පතුලේ ඉදි කරනු ලබයි.

එමඟින් ආවරණය වන ක්‍ෂේත්‍රය ඝන කිලෝමීටර් 7.5කි.

ලොව දැනට තිබෙන විශාලම නියුට්‍රිනෝ දුරේක්ෂයෙන් ආවරණය වන්නේ ඝන කිලෝමීටරයක ක්‍ෂේත්‍රයක් පමණක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. 

ReeCha