අනාගත ලෝකය චීනය අතට? - චීනය පේටන්ට් බලපත්‍ර මිලියන 05 ඉක්මවයි
ලොව නව නිපැයුම් සඳහා අදාළ නිල පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 5 ඉක්මවූ පළමු රට ලෙස චීනය ඉතිහාසගත වාර්තාවක් පිහිටුවා ඇත.
2025 වසර තුළ පමණක් අනුමැතිය හිමි වූ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 972,000 දක්වා ඉහළ යාමත් සමඟ, ගෝලීය නවෝත්පාදන ක්ෂේත්‍රයේ පෙරමුණට චීනය පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය විසින් අද (23) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. එහිදී චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය නියෝජිතයින් මෙම වර්ධනය පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ.
මෙම පේටන්ට් බලපත්‍ර අතර, අනාගත කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා වැදගත් වන ක්වොන්ටම් තාක්ෂණය, ජෛව නිෂ්පාදනය, මිනිස් මොළය-පරිගණක අතුරු මුහුණත (BCI), සහ 6G සන්නිවේදන තාක්ෂණය වැනි නවීන ක්ෂේත්‍ර සම්බන්ධ පේටන්ට් බලපත්‍ර විශේෂයෙන් කැපී පෙනේ.
මෙම වර්ධනය, තාක්ෂණික නවෝත්පාදන හා අනාගත කර්මාන්ත සංවර්ධනය තුළ චීනය සතු ශක්තිය තවදුරටත් තහවුරු කරයි.