උසස් පෙළ ලියන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Report

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම හෙට (24) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයට අනුව, අයදුම්පත් භාරගැනීම 2026 මාර්තු 24 සිට 2026 අප්‍රේල් 24 දක්වා මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කර ඇත.

ක්‍රිකට් බෝඩ් එකේ ඩොලර් මිලියන 70ට කෙළින්න හදන "බෝර්න් අගේන්" කල්ලිය මෙන්න

ක්‍රිකට් බෝඩ් එකේ ඩොලර් මිලියන 70ට කෙළින්න හදන "බෝර්න් අගේන්" කල්ලිය මෙන්න

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, නියමිත කාලසීමාවෙන් පසුව, එනම් 2026 අප්‍රේල් 24 මධ්‍යම රාත්‍රී 12.00 පසු අයදුම් කිරීම සම්පූර්ණයෙන්ම වසා දමන බවත්, කිසිදු හේතුවක් මත කාලය දිගු නොකරන බවත්ය.

එබැවින්, මෙතෙක් අයදුම් නොකළ සියලු අයදුම්කරුවන්ට අවශ්‍ය ලේඛන සම්පූර්ණ කර නියමිත කාලය තුළ අයදුම්පත් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අමතර තොරතුරු සහ විමසීම් සඳහා දුරකථන හෝ විද්‍යුත් තැපෑල මඟින් දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගත හැකි බවද දැනුම් දී ඇත.

දුරකථන අංක :- 0112785922/0112784208/0112784537

ෆැක්ස් අංක :- 0112784422

විද්‍යුත් තැපෑල :- gcealexamsl@gmail.com  

අද ඔබේ ලග්නයට කොහොමද? නව ව්‍යාපෘතිවලට සහ රැකියාවට සුභ දවසක්

අද ඔබේ ලග්නයට කොහොමද? නව ව්‍යාපෘතිවලට සහ රැකියාවට සුභ දවසක්