"බෝම්බ අටවන ඕනෑම යාත්‍රාවකට වෙඩි තබන්න" - ට්‍රම්ප්ගේ පණිවුඩයට ලෝකයම කලඹයි
By R.rishma
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ පුපුරණ ද්‍රව්‍ය අටවන ඕනෑම ඉරාන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන ලෙස අමෙරිකානු නාවික හමුදාවට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ සිය Truth Social ගිණුම හරහා සටහනක් තබමින්ය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානය සතුව බලවත් යුද නාවික බලකායක් නොමැති බවත්, ඔවුන් සතුව තිබූ යාත්‍රා 159ක් මුහුදුබත් කර ඇති බවත්ය.
එසේම, හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ තබා ඇති බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත්, එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට තමන් නියෝග කළ බවත් ඔහු අවධාරණය කර තිබේ.
මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව තවදුරටත් අවධානය යොමු වී ඇති අතර, ජාත්‍යන්තර වශයෙන්ද මෙම තත්ත්වය ගැන විමසිලිමත් අවධානයක් යොමු වෙමින් පවතී.