රටම කැළඹූ පෝට් සිටි චීන ගැටුමෙන් පසු චීන ජාතිකයාගේ ඝාතනය පිළිබඳ රහස් එළි වෙයි

Report

පසුගිය 23 වන දින කොළඹ වරාය නගරයේ චීන ජාතිකයන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව චීන ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර තොරතුරු හෙළි කර ගෙන ඇත.

ඒ අනුව මෙම සිදුවීම අලුයම 3 ට පමණ සිදු වූ අතර, එහිදී දෙපිරිස අතර ගැටුමක් ඇති ව තිබුණා. ගැටුමෙන් පසු එක් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී තිබූ අතර, අනතුරුව ඔහුගේ මළ සිරුර ඇහැළියගොඩ ප්‍රදේශයෙන් සොයා ගැනීමට පොලීසිය සමත් විය.

ඉන් පසුව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූයේ මියගිය පුද්ගලයා එදින රාත්‍රියේ වරාය නගරයට ඇතුළු වූ කණ්ඩායමක සාමාජිකයෙකු බවයි.

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

කෙසේ වෙතත් සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් පලා යාමට උත්සාහ කළ බවට සැක කෙරෙන චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. එසේම විමර්ශන නිලධාරීන් ඔවුන් නඩුවේ ප්‍රධාන සැකකරුවන් වශයෙන් හඳුනාගෙන තිබුණා.

ඒ අනුව මේ වන විට සැකකරුවන් අට දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් තිදෙනෙකු දැනටමත් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබෙන බැවින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව සඳහන්.

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

එමෙන්ම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන වායු පිස්තෝල දෙකක්, ජංගම දුරකථනයක්, වෝකි ටෝකි යන්ත්‍රයක් සහ වාහන කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ සම්බන්ධ වූවන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වෙනත් රටවල් කිහිපයක ක්‍රියාත්මක වී ඇති බවයි.

ඝාතනයට ලක් වූ චීන ජාතිකයා නීති විරෝධී ආකාරයට මුදල් උපයා ගත් බවට චෝදනා එල්ල වන පරිගණක ආශ්‍රිත වංචාවලට සම්බන්ධ වී ඇති බවට විශ්වාස කරන බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කළ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතියි.

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්