ලෝකයම අවධානයෙන් සිටි ජාත්‍යන්තර වාර්තාව එළියට - ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට ඉහළම පිළිගැනීමක්

By Kanchana Jul 28, 2026 03:25 AM GMT
Report

ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. 2026 වර්ෂයේ ආයෝජක සබදතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට මෙම පිළිගැනීම හිමිව ඇති බව වාර්තා වේ.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව තිබේ එහි පළමු ස්ථානය වියට්නාමයට ද, දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයට ද, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයට ද හිමිව ඇති බව වාර්තා වේ.

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

පොලිසියෙන් රැකියා පුරප්පාඩු රැසකට අයදුම්පත් කැඳවයි - අයදුම් කළ හැකි නියමිත දිනය මෙන්න

ණය විනිවිදභාවය සහ අයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වන විට වාර්තා කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දී තිබේ .

ණය විනිවිදභාවය සඳහා නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත .