ලොව විශාලතම සිදුර හාරන චීනය. - කබොල පෑදීමට සැරසෙයි. (VIDEO)

China World
By Wayomi Jul 04, 2023 09:40 AM GMT
Wayomi

Wayomi

Report

පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හෑරීමට චීනය තීරණය කර තිබෙනවා.

චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන සින්හුවා වාර්තා කරන්නේ, මෙම සිදුර පෘථිවියේ ස්ථර 10කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා ගොස් වසර බිලියන ගණනකට පෙර ක්‍රිටේසියස් යුගයේදී නිර්මාණය වූ ස්ථර වෙත ළඟා වනු ඇති බවයි.

ව්‍යාපෘතිය සඳහා දින 457ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර පොළව යට මීටර් 10,000කට වැඩි ප්‍රමාණයක් හෑරීමට නියමිත මෙම ව්‍යාපෘතිය චීනයේ විශාලතම උමං ව්‍යාපෘතිය ලෙස සැලකෙනවා.