ලෝකයේ රටවල් 42ක සුක්කානම චීනය අතට..ශ්‍රී ලංකාවත් ඒ අතර.

China Sri Lanka World Russian China loan
By Aruna Oct 01, 2021 04:29 AM GMT
Aruna

Aruna

Report

ලෝකයේ රටවල් 42ක් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් ඉක්මවා චීනයට ණය වී ඇති බව නවතම පර්යේෂණයක් හෙළි කර තිබෙනවා.

ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ ඒඩ්ඩේටා නම් සංවර්ධන පර්යේෂණ ආයතනය මගින් මේ බව අනාවරණ කර ඇති බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ.

චීනයේ එක් මාවතක් එක් තීරයක් වැඩසටහන යටතේ අදාළ රටවල් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් බිලියන 385ක් වන මෙම ණය ප්‍රමාණය නිසි ලෙස වාර්තා වී නො මැති සැගවුණූ ණය ලෙස හඳුනාගෙන තිබෙනවා.

රජයන් අතර කෙරෙන ණය ගනුදෙනුවලට අමතර ව විවිධ ආයතන සම්බන්ධ වී විශාල වශයෙන් ණය ගනුදෙනු සිදු කිරීමත් ඒවා ලෝක බැංකුවේ ණය වාර්තා කරන ක්‍රමවේදයෙන් බැහැර ව කර තිබීමත් නිසා මෙම ණය නිසිලෙස වාර්තා වී නො මැති බවයි ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ ඒඩ් ඩේටා නම් සංවර්ධන පර්යේෂණ ආයතනය සඳහන් කර ඇත්තේ.

රටවල් 165ක 2000 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ඇමරිකානු ඩොලර් බිලියන 843ක් වටිනා චීන ව්‍යාපෘති 14,427ක් ඇසුරින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

එම කාලය තුළ චීනයෙන් ණය ලබා ගත් ලොව ප්‍රමුඛතම රට වන්නේ රුසියාවයි.

එම ණයෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 151.8ක්.

සැඟවුණූ ණය ගණුදෙනු සහිත රටවල් අතර ඉරාකය, උතුරු කොරියාව හා ඉතියෝපියාව කැපී පෙනෙන බවයි වාර්තා වන්නේ.

චීනයෙන් ණය ගත් රටවල් අතර ඉන්දියාව 23 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව හා නේපාලය වැනි රටවල් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉහළ පොලී අනුපාත වලට ණය ලබාගෙන ඇති බව ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණය හෙළි කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now