චීනය සහ ජපානය ගැටෙයි..මුළු ලෝකයටම රතු එළියක්..

China Japanese World news
By Aruna Dec 24, 2021 02:53 AM GMT
Aruna

Aruna

Report

ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවූ අවස්ථාවේදී න්‍යෂ්ටික විකිරණ මුසුවූ ජලය පැසිෆික් සාගරයට මුදාහැරීමට ජපානය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය පළකර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලීජියෑන් පවසන්නේ ජපානයේ මෙම වැරදි සහ ඒකපාර්ශ්වික තීරණය වහාම ඉවත් කරගත යුතු බවයි.

එමගින් සමස්ත ලෝකයටම හානියක් සිදුවිය හැකි බැවින් මෙම තීරණය වහා අවලංගු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. 2011 වර්ෂයේ ඇතිවූ භුමිකම්පාවක් හේතුවෙන් ජපානයේ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිදුවුණා.

එහිදී ජලය කියුබික් මීටර් මිලියනයකට පමණ විකිරණ මුසුවූ අතර එම ජලය තවමත් ගබඩා කර ඇති බව සදහන්.

ඔලිම්පික් උළෙල සදහා යොදාගන්නා පිහිනුම් තටාක 500 ක් පිරවිය හැකි තරම් විශාල මේ ජලකද පැසිෆික් සාගරයට මුදාහැරීමටයි බලාගාරය හිමි ටෝකියෝ විදුලිබල සමාගම සූදානම් වන්නේ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now