අවුරුදු 12ට අඩු දරුවන්ටත් කරන්න යන දේ මෙන්න..
වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට ඇමරිකානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම එන්නත් කිරීම ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
ඇමරිකානු ආහාර හා ඖෂධ විශේෂඥයන් ලබාදුන් වාර්තාවකට අනුව මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එන්නත නිර්දේශ කර තිබෙනවා.
මේ දක්වා ලොව කිසිදු රටක වයස අවුරුදු 12ට අඩු දරුවන්ට කොවිඩ් එන්නතක් ලබා දී නැහැ.
මේ අතර මෙරට වයස අවුරුදු 30ට වැඩි පුරවැසියන් 100%ක් කොරෝනා එන්නත්කරණය කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
මේ අතර ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 556 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 537,201ක් දක්වා ඉහළ ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඊයේ හඳුනා ගත් නව ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි.
ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 19,544ක්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේ දා සිදු වූ බවට ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 14ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,654ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව මේ වනවිට පුද්ගලයින් 15,061,354 දෙනෙකුට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 13,201,141ක්.
එළඹෙන නොවැම්බර් මස 1වැනි දා සිට මෙරට පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සඳහා වන සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට සිදු කරන කොරෝනා පරීක්ෂාව කටුනායක - 18 කණුව ප්‍රදේශයේ පිහිටි කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථානයේදී අද සිට යළි ආරම්භ කර තිබෙනවා.
මීට පෙර එහි කොරෝනා පරීක්ෂණ ආරම්භ කළ අතර, පසුව එය තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන තිබුණේ.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |