ළමා මරණ නිසා සිරප් නිෂ්පාදන සමාගමක බලපත්‍රය අවලංගු කෙරේ..!
උස්බෙකිස්තානයේ ළමුන් 18 දෙනෙකු මියයාමට අදාළව කැස්ස සිරප් වර්ග නිෂ්පාදනය කරන සමාගමක නිෂ්පාදන බලපත්‍රය ඉන්දියාව විසින් අවලංගු කර තිබෙනවා.
මෙම සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් වර්ග දෙකක් ප්‍රමිතියෙන් තොර බව පවසමින් WHO පසුගිය ජනවාරි මාසයේදී ද අනතුරු අඟවා තිබුණා
කෙසේවෙතත් කැස්ස සිරප් නිෂ්පාදනය කළා යැයි කියන එම සමාගම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා උස්බෙකිස්තානයේ මරණ වාර්තා වීමෙන් පසුව, ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම සමාගමේ නිෂ්පාදන අත්හිටුවා තිබුණා නිෂ්පාදන සමාගමේ බලපත්‍රය අවලංගු කිරීමෙන් පසු ඔවුන්ට කිසිදු නිෂ්පාදනයක් සිදු කළ නොහැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා
මෑත කාලයේදී , බොහෝ ඉන්දියානු සමාගම් ඔවුන්ගේ ඖෂධවල ගුණාත්මක භාවය සඳහා පරීක්ෂාවට ලක්ව ඇති අතර, විශේෂඥයින් මෙම ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිතා කරන නිෂ්පාදන පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.
මෙම මස මුලදී උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් ව්‍යාජ නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම සමාගමේ සේවකයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිරප් නිෂ්පාදන සමාගම මේ කිසිවක් පිළිබඳව අදහස් දක්වා නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
