උපකාරක පන්ති ගුරාට වැඩ වරදී

By Shehan Mar 12, 2025 09:01 AM GMT
Report

සිසුන් දණ ගස්වා පහරදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති උපකාරක පන්ති ගුරුවරයාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙන බව වාර්තා වේ.

ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සැකකාර ගුරුවරයා වෙත ඊයේ (12) දිනයේදී පැමිණෙන ලෙස දන්වා තිබුණද ඔහු ඒ සඳහා නොපැමිණි බවය.

කව්රුත් දන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගමන් දික්කසාද වෙයි - වෙන් වූ හේතුව මෙන්න! (PHOTOS)

කව්රුත් දන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගමන් දික්කසාද වෙයි - වෙන් වූ හේතුව මෙන්න! (PHOTOS)

ඒ අනුව මේ සම්බන්ධව අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

එමෙන්ම මේ සම්බන්ධව පුද්ගලයින් රැසක් ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි කර ඇතැයිද ඒ අනුව සැකකරු සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය ප්‍රකාශ කරයි.